Friday 28 November 2008

වින්ඩෝස් හා නිකං දීම

බ්ලොග් එකක හෝ සටහනක තිබුණා මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් තම අලෙවි භාණ්ඩය වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොදියුණු රටවල ප්‍රචලිත කිරීම සඳහා නීති වරෝධී පිටපත් විකිනෙනකම් ඇස් කන් පියාගෙන හිටිය වගක්.
ඕවා අද ඊයෙ විතරක් සිද්ද වුණුදේවල් නෙමේ.
මගේ නිනව්වේ හැටියට ඒ දවස්වල තේ ගැන ප්‍රචාරය කරන්න, සිගරැට් ගැන ප්‍රචාරය කරන්න ඔයවගේ වැඩ කළා. අළුත් වාහන වලින් ඇවිත් ලස්සන මහත්තුරු බොහොම උජාරුවට තේ කෝප්ප තොල ගානව හංදියක් හංදියක් ගානෙ, සිගරැට් බොනවා. ඊ ළඟට වටේ ඉන්න කට්ටියට නිකන් දෙනවා. අපේ අයත් ඉතින් නිකන් දෙන දේනෙ. අරගෙන අදිනවා. කහිනවා. කෙලගහනවා. හැබැයි ඊළඟ දවසෙ තියෙන තැනටත් හොයාගෙන යනවා. එදාට ඉතින් කැස්ස අඩුයි. වැඩෙත් අල්ල යනවා. දවසක් දෙකක් යනකොට ආසාවෙ බෑ. හොයාගෙන යනවා. දැන් තමා වැඩේ. නිකං දීල ඉවරයි. සම්පූර්ණ එකක් ගන්න බැරි නම් භාගෙත් දෙනවා. අන්තිමට කන්න තියෙන හාල් ටික පොල් ටික තම්බි කඩේට දීල සිගරැට් එක ගන්න සල්ලි හොයා ගන්නවා.
සිගරැට් ගැන තව දෙවල් පස්සේ කියන්නම්. ඔය වින්ඩෝස්, මයික්ක්‍රොසොෆ්ට් ගැන මට ඒ තරම් තේරුමක් නෑ. පුතා කිව්ව, ඒත් මොලේට වැටෙනවා අඩුයි. ඒ මොනව උනත් එදා අපි සිගරැට් වලට අහුවුණාවගේ අද දරුවෝ ඔය කියන දේට අහවෙලා වගේ.

16 comments:

චතුර වික්‍රමරත්න said...

ඔව් ඔව්. ඔය කිව්ව සටහන මමත් දැක්කා. නියම කථාව. දැන් හැමෝටම වෙලා තියෙන්නෙත් ඕකම තමයි. මයික්‍රො‍සොෆ්ට් එකට ඇබ්බැහි වෙලා. Vista Home Premium ගනන් වැඩි නම් 6000ක් දීලා Vista Starter එක හරි ගන්නවා.

anonymous blogger said...

ඇහුවට මොනවත් හිතන්න එපා, ඇත්තටම වයස අසූව ද?

ම.ම.ගි said...

මේක කියවලා මටත් කටපියාගෙන ඉන්න බැරිවුනා නෙව ආතේ. ඔය මෘදුකාංග කියන එක සිගරට් එක වාගෙ උරලා පෙනහල්ල වටේ රවුමක් යවලා අරින දුමක් නෙවෙයිනෙ ආතෙ. ඒක ගොඩක් දෙනාගෙ රස්සාව එක්ක සම්බන්ධ වෙච්ච වැදගත් සාධකයක් නෙව.

අම්මපා ආතා සිගරට් ගැන කියලා තියෙන කතාවනම් මරු. ඒත් කවුරැ මොන ස්ටැයිල් එකට සිගරට් බීලා පෙන්‍වුවත් අපි නම් අහුවෙන්නෑ අ‍තෙ.

Harshana said...

මම නම් හොද දේට හොදයි කියනව. අනික සල්ලි දීල ගන්න ඒවගෙ වටිනාකමක් තියෙනව කියල සිතනව.

Microsoft මෘදුකාංග ලොකයේ පරිගණක පරිශීලකයින් 90% කට වඩා වැඩි පිරිසක් භාවිතා කරනව. මම කියන්නෙ ඇයි මේව මෙතරම් පිරිසක් භාවිතා කරන්නෙ ???

මම දකින විදිහට Microsoft මෘදුකාංග රටවල් අනූව සාමාන්‍ය සාධාරණ මුදලකට අලෙවි කරනව. අපේ අය නිකන් අනවෂ්‍ය දේවල් වලට මුදල් නාස්ති කරන අය ගොඩාක් ඉන්නව. මම සිතන්නෙ නෑ ඇමෙරිකාවෙ විකුනන මුදලට ලංකාවෙ Microsoft මෘදුකාංග විකුනන්න Microsoft ආයතනය බලාපොරොත්තු වෙනව කියල. ඒකනෙ විස්ට ස්ටාටර් 6,000 ට දෙන්නෙ.

ශාකුන්තල | Shaakunthala said...

@මම මචන්,
සිගරට් එක රැකියාවත් එක්ක සම්බන්ධ නැති බව ඇත්ත. නමුත් සිගරට් එක එය පාවිච්චි කරන්නාගේ ජීවිත කාලය තීරණය කරයි.
"ඒත් කවුරැ මොන ස්ටැයිල් එකට සිගරට් බීලා පෙන්‍වුවත් අපි නම් අහුවෙන්නෑ අ‍තෙ."
සිගරට් වලට නම් අහු වෙන්නෙ නැතුව ඇති. ඒත් සමහර අය තාම එක එක දේවලට අහු වෙනවා. මම කියන්නෙ Windows ගැන නෙවෙයි, ඔය underwear පේන විධියට කලිසම ඇඳීම වගේ දේවල්.

ම.ම.ගි said...

ශාකුන්තල said...
"සිගරට් වලට නම් අහු වෙන්නෙ නැතුව ඇති. ඒත් සමහර අය තාම එක එක දේවලට අහු වෙනවා. මම කියන්නෙ Windows ගැන නෙවෙයි, ඔය underwear පේන විධියට කලිසම ඇඳීම වගේ දේවල්"

අත්දැකීමෙන්ද කියන්නෙ?

ශාකුන්තල | Shaakunthala said...

@මම මචන්,
අත්දැකීමෙන් නම් නෙවෙයි... සමකාලීනයන් කළ බොහෝ අන්ධානුකරණ වලට මම අහු වුණේ නැහැ. මම ඒව අනුගමනය කළේ නැහැ.

Homo Erectus said...

ඔබතුමාගේ අදහස ඉතා අගය කරනවා. අලෙවිකරනයේ ගැට එදත් අදත් එක වගේමයි. ඒ වගේ මැතිතු‍මා, අපේ මං මචං කියනවා වගේ අපේ පරම්පරාවේ කට්ටියනම් සිගරැට් බොනව අඩුයි. ඒකත් ලොකු වාසනාවක් නේද?
@ ape logic
ඇයි මෙතුමාගේ වයස ෂුවර් නැද්ද? මොකක්ද ලොජික් එක?
@චතුර
6000 වගේ OS එකක් ගැබෙනවනම් හොඳයි වගේ නේද? ඒත් එච්චරමද හැමදාටම?
@ har
90% ප්‍රතිශතය ගැන විශ්වාසද?

ශාකුන්තල | Shaakunthala said...

@har,
90% කතාව ගැන නම් දන්නෙ නෑ. ඒත් ඔය අගය ටික ටික අඩුවෙන බව නම් දන්නව. වැඩි පරිශීලක පිරිසට හේතුව Microsoft marketing වල හොඳකම.

Antitrust Law ගැන මොකද කියන්නෙ?

ලෝකයේ තියෙන වේගවත්ම සුපිරි පරිගණක 500නුත් වේගය අඩුම ඒවා දෙකක් හෝ තුනක් පමණයි වින්ඩෝස් වලින් දුවන්නෙ. ඉතිරි සියල්ලම Linux. ඒකට එක හෙතුවක් සාමාන්‍ය පරිශීලකයා marketing උප්පරවැට්ටි වලට අහු වුනාට ලොකු සමාගම් අහු වෙන්නෙ නැති වීම.

Pahan said...
This comment has been removed by the author.
Pahan said...

vista starter රු.6000කට දෙන්නේ අපිට තියෙන ආදරේද?
හික් හික් :D
ලොකු වැරදීමක් වෙලා වගේ
vista starter හරි දීල දිගටම ඇබ්බැහි වෙන්න අරිනවා.(සිගරැට් සම්පූර්ණ එකක් ගන්න බැරි නම් භාගෙත් දෙනවා වගේ)
ඊට පස්සේ vista නැතුව බැරි උනාම Vista Home Premium එකක්ම ගන්නවෙයි.
අපි අහුවෙයි ඕවට.
හික් හික්

සරත් ගුණතුංග said...

සිගරැට් බිව්වම කිසි ලෙඩක් හැදෙන්නෙ නැහැයිලු... එහෙමයි සමහර වෙළඳ දැන්වීම් පවා පලවුනේ..

එක අතකින් ඒක ඇත්ත............ අඩුවයසෙන්, වෙන ලෙඩවල් හැදෙන්න කලින් මැරිල යනව.

සරත් ගුණතුංග said...

සිගරැට් බිව්වම කිසි ලෙඩක් හැදෙන්නෙ නැහැයිලු... එහෙමයි සමහර වෙළඳ දැන්වීම් පවා පලවුනේ..

එක අතකින් ඒක ඇත්ත............ අඩුවයසෙන්, වෙන ලෙඩවල් හැදෙන්න කලින් මැරිල යනව.

ම.ම.ගි said...

එක අතකින් ඒක ඇත්ත............ අඩුවයසෙන්, වෙන ලෙඩවල් හැදෙන්න කලින් මැරිල යනව.

අන්න හොඳ පොයින්ට් එක් මගෙත් පොඩි අදහසක් තියෙනවා අවු 50 දි වගේ මැරුණනම් හොඳයි කියලා
:D

upendraHP said...

වැඩිහිටි අයත් මේගැන උනන්දුවෙන එක කොච්චර දෙයක්ද!
මමත් ඉදිරියට නිදහස් මෘදුකාංග ගැන ලියන්න බලාපො‍රොත්තු වෙන්නේ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ලෝකයේ තියන සුපිරි පරිඝනක වල මොනව තිබුනත් වින්ඩෝස් තමයි බහුතරයක් දෙනාට ගැලපෙන්නෙ , ඒකට මාකටින් හේතු විතරක් නෙවෙයි වෙන විකල්පයක් නැති කමත් බලපානව . උදා විදිහ්ට ග්‍රැපික් හෝ ඇනිමේෂන් කරන කෙනෙකුට ඇපල් පරඝණයක් ගන්නවට වඩා වින්ඩෝස් පාවිච්චි කරන එක ලේසියි , ගේම් ගහන්න ආස කෙනෙකුටත් ලිනක්ස් විකල්ප්යක් නෙවෙයි , ඒ නිසා වින්ඩෝස් ව්‍යාප්තිය මාකටින් වලට ලඝු කරන්න බැය කියලයි මම හිතන්නෙ , සමහර කෙනෙක් දැන් ලිනක්ස් වල තියන විකල්ප මෘදුකාංග ලයිස්තුවක් කියයි , නමුත් ඒවා සාර්තක එක්තරා දුරකට පමනයි , වාණිජ මෘදුකාංග වල තිය්න දියුණු ලක්ෂන ඒවායේ නැ ,