Tuesday 4 November 2008

ඇමෙරිකාවේ ජනාධිපති

අද ඇමෙරිකාවේ ජනාධිපතිවරණය. මගේ එක මුණුපුරෙකුට ඒ ගැන තියෙන්නේ පුදුම උනන්දුවක්. මටනම් ඒ ගැන කිසිම උනන්දුවක් අදත් නෑ, එදත් නෑ. ඒ නිසාමදෝ මන්ද මට ඒ කාලේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණ ගැන කිසිම නිනව්වක් නෑ. ඒත් 1939 සැප්තැම්බර් 1 දා (හරියටම නිනව් නෑ, 3 දා වාගෙත් මතක් වෙනවා) පෝලන්තයේ ඩෙන්ඩික් වරායට බෝම්බ දාල ජර්මනිය යුදධය පටන් ගන්නවනම් හොඳට මතකයි. රුසියාවට උතුරු මුහුදේ වරායක් නැති නිසා මුලදී ජර්මනියට උදව් කළා. පසුව විරුද්ධ වුණා. පොලන්තය හා ප්‍රංශය අතර යුධ ගිවිසුමක් තිබුණු නිසා ප්‍රංශයට සිද්ධ වුණා පෝලන්තයට උදව් කරන්න. ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර තිබූ ගිවිසුමක් නිසා බ්‍රිතාන්‍යත් යුදධයට හවුල් වුණා. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය නිසා යුද්ධයට ඈඳුනා වගේ මතක. කොහොම හරි ජර්මනියට සහයෝගයට ආ ජපානය ඇමෙරිකාවේ පර්ල් වරා‍යට බෝම්බ දැමීමත් සමගම 'යුරෝපා යුද්ධය' 'ලෝක යුද්ධයක්' වුණා. ඇමෙරිකාව ගැන පරනම මතකය ඔය යුද්ධය තමා.

No comments: