Sunday 2 November 2008

තුට්ටු දෙකේ වැඩ හෙවත් ගිණි කෑම

මතකද මන්දා පසුගිය සටහනේ ටෙලිග්‍රෑම් කරුට පනම් හතරක් දෙන වගක් පැවසුවා. ඒ සටහන කියවපු කාටවත් 'තුට්ටුව' ගැටළුවක් නොවුනට අපේ මුණුපුරාට ගැටළුවක්. තුට්ටුව කියන්නේ කීයක්ද කියල. ඒ නිසා ඒ කාලේ භාවිතා වුණු මදල් ඒකක ගැන ලියන්න හිතුවා.
ඒ කාලේ භාවිතා වුනු මුදල් වර්ග දෙකකට අයිතියි වගේ මට හිතෙන්නේ. (මම මේ ගැන හරියටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් අප කවුරුත් දැනුවත් කරන්න.) එක වර්ගයක් ඉන්දියාවේ භාවිතා වූ දෙමළ නම් සහිත මුදල්. 'තුට්ටුව', 'පනම', 'පත' වගේ ඒවා. අනෙක් වර්ගය 'පවුම්', 'සිලිං', 'පැන්ස' වගේ ඒවා. තව තිබුණා 'සල්ලිය', 'ගිණි', 'රිදී'. අදත් භාවිතා වන 'රුපියල' හා 'සතය' අනෙක් ඒවාය.

පැරණි ඒකක හා රුපියල් සත අතර සම්බන්ධකම් මාගේ මතකයේ හැටිට මෙසේය.

සල්ලි 2 = සත 1 යි
තුට්ටු 1 = සත 1 1/2යි
රිදී 1 = සත 15 යි
පනම් 1 = සත 6 යි
සිලිං 1 = සත 48 යි (සත 50 ක් සේ සලකන ලදී)
පතා 1 = සත 75 යි
පවුම් 1 = රුපියල් 10 යි.
ගිණි 1 = රුපියල් 10 යි සත 50 යි.

එක කාලෙක පෙරකදෝරුවෙක් එක දවසකට 'ගිණි' එකක් ගත්ත. පවුමක් දුන්නට නැගිටින් නෑ. ගිණි එකම ඕනෙ.

5 comments:

said...

"ගිණි කනවා" කියන කතාව අවෙ මේ ගිණි වලින්ද දන්නේ නැහැ.

සරත් ගුණතුංග said...

බාල පරම්පරාවට මේවා පැහැදිලි කරල දෙනවට මහත්මයට බොහොම ස්තුතියි.

මේ වගේ තව තවත් මතකයට එන දේවල් ලියන්න.

Anonymous said...

අපි හරිම ආසාවෙන් කියවන්නෙ . දිගා සිරි

Bo said...

අප නොදත් කරුණු බොහෝමයක් මෙයින් කියවන්ට ලැබුනා, බොහොම ස්තූතියි, දිගටම ලියන්න, ජය ශ්‍රී

malee_msg said...

බොහොම ස්තූතියි