දශක අටක් ගෙවා ජීවිතයේ සොඳුරුම යුගයේ සිටින්නෙමි. අතීතය, අද මට මිහිරි මතකයන් පමණි. තවත් දශක අටක් ජීවත් වීමට සිටින ඔබට ඒ අතීතය සිහිනයක් පමණී. එබැවින් ඒ මතකයෙන් බිඳක් සටහන් තරන්නේ ඔබට මතු දිනක දැන ගැනීම සඳහායි.
Wednesday, 29 October 2008
ටෙලි මරණ
ඉස්සර ගමට ටෙලිග්‍රෑම් කාරයකු ආවොත් ඒ අනිවාර්යෙන්ම මරණයක් ගැන පණිවුඩයක්. එහෙම නොවන පණිවුඩයක් එන්න තරම් දෙයක් තිබුණේ නෑ. අපට ටෙලිග්‍රෑම් ආවේ වග තැපැල් කණ්තෝරුවේ සිට. සැතපුම් 15 ක් විතර දුර. ඒ කාලේ දුරකතන පහසුකම් තිබුනේ රේල් පාරවල් දිගේ විතරයි. ඒනිසා රේල්වේ ස්ටේෂන් එකක් ළඟ තියෙන තැපැල් කණ්තෝරුවල තමා ටෙලිග්‍රෑම් කාරයෝ ඉන්නෙ. කාකි නිල ඇඳුමයි, බයිසිකලයයි. ඒවානම් වෙනස් වුණේ අවුරුදු 70-75ක් විතර ගිහින්. හුඟක් වෙලාවට මිනිහම තමා ටෙලිග්‍රෑම් එක කියවල දෙන්නේ. එසේ කියෙව්වත් නැතත් ටෙලිග්‍රෑම් කරුට පනම් හතරක්වත දෙනවා. තියෙනවට නෙමේ. මනුස්සකමට. ඔය පනම් හතර හොයාගන්න හතර අතේ දුවනවා. ඉතින් හතර වටේම දැනගන්නවා ටෙලිග්‍රෑම් එකක් ආව විත්තියත්. අනික බොහෝ විට මරණයක්නේ. එසේ බලාගෙන යනකොට ඒ කාලේ කාගේ හරි නමට ආවට ටෙලිග්‍රෑම් එකක් කියන්නේ ගමටම එන පණිවුඩයක්.
Subscribe to:
Post Comments (Atom)
2 comments:
කාකි නිල ඇඳුමෙන් සැරසුනු ටැලිග්‍රැම් කාරයෝ/පියුම් මහත්වරු මේ ලඟක් වෙනකම්ම ආවනේ. දැන් තමයි කිසිවෙක් නිල ඇඳුමක් නොඅදින්නේ නේද? මා පුංචි කාලේ ඉඳහිට නිල ඇඳුම් ඇඟලූ බස් පලුවෝ (කොන්දොස්තර), රියඳුරෝ ආදිය දුටු බව මතකයි.
තුමණි, දිගටම ලියන්න.
මගේ නිනව් ගැන ලිව්වට කවුරුවත් විශ්වාස කරන එකක් නෑ. ඒව හොයල ලියන කට්ටියක් ඉන්නවානෙ. පුරාවිද්‍යඥ්ඥයෝ කියල. මේ වත්තෙගෙදර මහත්තයා වගේ අය හිටියනම් ඒ කාලේ අද ඉන්න පුරාවිද්‍යඥ්ඥයන්ට හරිම ලේසියි. (මටත් ඒ තරම් තේරුමක් තිබුනේ නෑ ඒ කාලෙ). ඒකෙන් කමක් නෑ, මේ වැඩේ ඉතා ප්‍රශංසනීයයි. අනිත් අයත් තමන්ට මතක දේවල් හා එදිනෙදා සිදුවන දේවල් මෙවැන් ආකාරයට කාටත් බලාගන්න පුළුවන් විදිහට ලියා තබන්නේනම් මැනවි.
Post a Comment