බ්ලොග් එකක හෝ සටහනක තිබුණා මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් තම අලෙවි භාණ්ඩය වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොදියුණු රටවල ප්‍රචලිත කිරීම සඳහා නීති වරෝධී පිටපත් විකිනෙනකම් ඇස් කන් පියාගෙන හිටිය වගක්.
ඕවා අද ඊයෙ විතරක් සිද්ද වුණුදේවල් නෙමේ.
මගේ නිනව්වේ හැටියට ඒ දවස්වල තේ ගැන ප්‍රචාරය කරන්න, සිගරැට් ගැන ප්‍රචාරය කරන්න ඔයවගේ වැඩ කළා. අළුත් වාහන වලින් ඇවිත් ලස්සන මහත්තුරු බොහොම උජාරුවට තේ කෝප්ප තොල ගානව හංදියක් හංදියක් ගානෙ, සිගරැට් බොනවා. ඊ ළඟට වටේ ඉන්න කට්ටියට නිකන් දෙනවා. අපේ අයත් ඉතින් නිකන් දෙන දේනෙ. අරගෙන අදිනවා. කහිනවා. කෙලගහනවා. හැබැයි ඊළඟ දවසෙ තියෙන තැනටත් හොයාගෙන යනවා. එදාට ඉතින් කැස්ස අඩුයි. වැඩෙත් අල්ල යනවා. දවසක් දෙකක් යනකොට ආසාවෙ බෑ. හොයාගෙන යනවා. දැන් තමා වැඩේ. නිකං දීල ඉවරයි. සම්පූර්ණ එකක් ගන්න බැරි නම් භාගෙත් දෙනවා. අන්තිමට කන්න තියෙන හාල් ටික පොල් ටික තම්බි කඩේට දීල සිගරැට් එක ගන්න සල්ලි හොයා ගන්නවා.
සිගරැට් ගැන තව දෙවල් පස්සේ කියන්නම්. ඔය වින්ඩෝස්, මයික්ක්‍රොසොෆ්ට් ගැන මට ඒ තරම් තේරුමක් නෑ. පුතා කිව්ව, ඒත් මොලේට වැටෙනවා අඩුයි. ඒ මොනව උනත් එදා අපි සිගරැට් වලට අහුවුණාවගේ අද දරුවෝ ඔය කියන දේට අහවෙලා වගේ.
දශක අටක් ගෙවා ජීවිතයේ සොඳුරුම යුගයේ සිටින්නෙමි. අතීතය, අද මට මිහිරි මතකයන් පමණි. තවත් දශක අටක් ජීවත් වීමට සිටින ඔබට ඒ අතීතය සිහිනයක් පමණී. එබැවින් ඒ මතකයෙන් බිඳක් සටහන් තරන්නේ ඔබට මතු දිනක දැන ගැනීම සඳහායි.
Friday, 28 November 2008
Monday, 17 November 2008
සිංහල ජාතිය
"ජාතිකාලය, ආගමාලය හඳුන්වන කොඩි දෙකම දෑතින්
දරා සිරිලක් මෑණියැන්දෑ ඔකඳවන සැටි බලව් යාතින්
අපේ ජාතිය අනෙක් ජාතින් සමග උරෙනුර ගැටී යාතින්
සිටින සැටි අර බලව් කේසර සිංහයා ලක් මවට පාතින්."
මගේ පහුගිය සටහනේ දැක්වූ පරිදි මෙම කවිය ගැන දන්න කෙනෙක් නැතුවමදෝ...?

Wednesday, 12 November 2008
අපේ ජාතිය අනෙක් ජාතින් සමග උරෙනුර ගැටී යාතින්
අපේ මුණුපුරාගේ කවියක් දෙකක් ඊතලය කියල අන්තර්ජාල පුවත්පතක පළවෙලා කියල අද එයාගේ නැන්දට පෙන්නවා දුටුවිට මගේ නිණව්වට ආවේ ඒ කාලේ පළවූ පත්තර ගැන. ලංකාවේ පළමු පුවත්පත 'කළම්ඹු ජ(ර්)නල්' කියල ඉංග්‍රීසි පත්තරයක්. එය පළවී ඇත්තේ 1832 දී. පසුව 1834 දී 'ද ඔබ්සවර් ඇන්ඩ් කොමෂල් ඇඩ්වයිසර්' වී තිබෙනවා. අදත් පළවන 'ඔබ්සවර්' පත්තරේ එය විය යුතුයි. පළමු පුවත්පත එය වුණාට 1796 දී ලංකාවේ තැපැල් සේවය ආරම්භ වුණේ ගැසට් පත්‍රය බෙදා හැරීමට බැවින් ලංකාවේ මුද්‍රණ කටයුතු 1790 ගනන්වලම පටන් ගෙන තිබිය යුතුයි.
කෙසේ වුවත් පළමු සිංහල පුවත්පත 'ලංකා ලෝක'. 1860 ගාල්ලේ මුද්‍රණය කරල තියෙන්නේ. එය බොහොම සීමිත මුද්‍රණයක් වෙන්න ඇති. ඒ නිසා විය යුතුයි බොහෝ සටහන්වල ලංකාවේ පළමු සිංහල පුවත්පත ලෙස 1862 කොළඹදී මුද්‍රණය කළ 'ලක්මිණි පහන' පත්තරය සඳහන් වන්නේ. පළමු දෙමළ පුවත්පත 'උදය තාරකායි'.
1948 න් පසුව පත්තර කලාව දියුණු වුණා. ලේකහවුස්, ටයිම්ස් වගේ ආයතන ඇරෙන්න තවත් සංවිධාන වලින් පුවත්පත් රාශියක් පළකළා. ඒ එක පුවත් පතක පළවූ කවියක් මගේ නිණව්වෙන් මැකී ගිහින් නෑ තවමත්.
"ජාතිකාලය, ආගමාලය හඳුන්වන කොඩි දෙකම දෑතින්
දරා සිරිලක් මෑණියැන්දෑ ඔකඳවන සැටි බලව් යාතින්
අපේ ජාතිය අනෙක් ජාතින් සමග උරෙනුර ගැටී යාතින්
සිටින සැටි අර බලව් කේසර සිංහයා ලක් මවට පාතින්."
මේ කවියට උඩින් ලංකාවේ සිතියමත්, සිංහ කොඩිය හා බෞද්ධ කොඩියත් දෑතින් ගත් යුවතියකගේ රූපයකුත් පළවී තිබුණා. ඒත් මට හරියටම නිණව් නෑ ඒ පත්තරේ නම!. සමහර විට 'සිංහල ජාතිය' විය යුතුයි.
ඔන්න මටත් පොඩි උදව්වක් කරන්න. මෙය කියවන මා වැනි වැඩිහිටියකුට නිණව් තිබේනම් හෝ, නැතිනම් මෙය කියවන දරුවෙකුගේ වැඩිහිටියෙකුට නිණව් තිබේනම් මෙය පළ වූයේ කුමන පුවත් පතේද? පළවූ දිනය කවදාද? ආදී විස්තර සපයන්නනේනම් පිං!

Tuesday, 4 November 2008
ඇමෙරිකාවේ ජනාධිපති
අද ඇමෙරිකාවේ ජනාධිපතිවරණය. මගේ එක මුණුපුරෙකුට ඒ ගැන තියෙන්නේ පුදුම උනන්දුවක්. මටනම් ඒ ගැන කිසිම උනන්දුවක් අදත් නෑ, එදත් නෑ. ඒ නිසාමදෝ මන්ද මට ඒ කාලේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණ ගැන කිසිම නිනව්වක් නෑ. ඒත් 1939 සැප්තැම්බර් 1 දා (හරියටම නිනව් නෑ, 3 දා වාගෙත් මතක් වෙනවා) පෝලන්තයේ ඩෙන්ඩික් වරායට බෝම්බ දාල ජර්මනිය යුදධය පටන් ගන්නවනම් හොඳට මතකයි. රුසියාවට උතුරු මුහුදේ වරායක් නැති නිසා මුලදී ජර්මනියට උදව් කළා. පසුව විරුද්ධ වුණා. පොලන්තය හා ප්‍රංශය අතර යුධ ගිවිසුමක් තිබුණු නිසා ප්‍රංශයට සිද්ධ වුණා පෝලන්තයට උදව් කරන්න. ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර තිබූ ගිවිසුමක් නිසා බ්‍රිතාන්‍යත් යුදධයට හවුල් වුණා. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය නිසා යුද්ධයට ඈඳුනා වගේ මතක. කොහොම හරි ජර්මනියට සහයෝගයට ආ ජපානය ඇමෙරිකාවේ පර්ල් වරායට බෝම්බ දැමීමත් සමගම 'යුරෝපා යුද්ධය' 'ලෝක යුද්ධයක්' වුණා. ඇමෙරිකාව ගැන පරනම මතකය ඔය යුද්ධය තමා.
Sunday, 2 November 2008
තුට්ටු දෙකේ වැඩ හෙවත් ගිණි කෑම
මතකද මන්දා පසුගිය සටහනේ ටෙලිග්‍රෑම් කරුට පනම් හතරක් දෙන වගක් පැවසුවා. ඒ සටහන කියවපු කාටවත් 'තුට්ටුව' ගැටළුවක් නොවුනට අපේ මුණුපුරාට ගැටළුවක්. තුට්ටුව කියන්නේ කීයක්ද කියල. ඒ නිසා ඒ කාලේ භාවිතා වුණු මදල් ඒකක ගැන ලියන්න හිතුවා.
ඒ කාලේ භාවිතා වුනු මුදල් වර්ග දෙකකට අයිතියි වගේ මට හිතෙන්නේ. (මම මේ ගැන හරියටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් අප කවුරුත් දැනුවත් කරන්න.) එක වර්ගයක් ඉන්දියාවේ භාවිතා වූ දෙමළ නම් සහිත මුදල්. 'තුට්ටුව', 'පනම', 'පත' වගේ ඒවා. අනෙක් වර්ගය 'පවුම්', 'සිලිං', 'පැන්ස' වගේ ඒවා. තව තිබුණා 'සල්ලිය', 'ගිණි', 'රිදී'. අදත් භාවිතා වන 'රුපියල' හා 'සතය' අනෙක් ඒවාය.
පැරණි ඒකක හා රුපියල් සත අතර සම්බන්ධකම් මාගේ මතකයේ හැටිට මෙසේය.
සල්ලි 2 = සත 1 යි
තුට්ටු 1 = සත 1 1/2යි
රිදී 1 = සත 15 යි
පනම් 1 = සත 6 යි
සිලිං 1 = සත 48 යි (සත 50 ක් සේ සලකන ලදී)
පතා 1 = සත 75 යි
පවුම් 1 = රුපියල් 10 යි.
ගිණි 1 = රුපියල් 10 යි සත 50 යි.
එක කාලෙක පෙරකදෝරුවෙක් එක දවසකට 'ගිණි' එකක් ගත්ත. පවුමක් දුන්නට නැගිටින් නෑ. ගිණි එකම ඕනෙ.

Subscribe to:
Posts (Atom)