Monday 12 September 2011

යකාගෙ පෙට්ටිය

මගේ නිනව්ව පැත්තට ආයෙත් ගොඩ වැදුනේ නිනව්වක් ගැන ලියන්න නෙමේ. ඇත්තටම දැන් දවස් දෙක තුනක ඉඳන් මම හවස් වරුව ගත කරන්නේ හරිම අපහසුවෙන් වගේ. කියන්නත් ලැජ්ජයි මෙහෙම දෙයක් ගැන. ඒත් ඉතින් මේ වයසට මොකක් හරි දෙයක් නැතුව කාලය ගත් කරන එකත් ලේසි නෑනෙ. ඒ නිසාම ද මම දන්නේ නෑ, මගේ හවස් වරුව ගත වෙන්නේ රූපවාහිනය ළඟ. හවස 6.55 ට ටීඑන්එල් එකේ ප්‍රවෘත්ති වලින් පටන් ගන්න එක 8.30 ට ස්වර්ණවාහිනයේ ප්‍රවෘත්ති ඉවර වෙනකොට තමා ඉවර වෙන්නේ. ඉතින් දැන් දවස් දෙක තුනක ඉඳල රූපවාහිනී යන්තරේ කැඩිල. පළවෙනි දවසෙ දෙකේ පුතා වැඩ ඇරිල ගෙදර ආවට පස්සෙ සෑහෙන වෙලාවක් මාත් එක්ක ගත කළා. ඊයෙ පෙරේද ඒකත් නෑ. වැඩ ඇති. කම්මැලිකම් යන්න එක්ක තමා මේ පැත්තට ගොඩ වෙමු කියල කිව්වෙ.
බලමු ඉඳල හිටල හරි නිනව්වක් ආවොත් ලියන්න.